උතුරු පැපුවානිව්ගිනියාවේ සිදු වූ නාය යෑමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 670 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පැපුවා නිව්ගිනියාවේ එංගා පළාතේ කඕකලම් ගම්මානයේ මෙම අනතුර සිදු වු අතර නායයාමේ විශාල ගල්, කඩාවැටුනු ගස් කදන් සහ සුන්බුන් අතර තවමත් ජනතාව සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම නිවාස 1500 ක් පමණ විනාශ වී ඇති බවද සදහන්.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. තවදුරටත් මුදාගැනීමේ කටයුතු සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content