2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි .

එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබෙනවා .

මුල් අවස්ථාවේදීම එම පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා .

WhatsApp Group

Skip to content