පාස්කු ප්‍රහාරකයන් පිළිබදව සත්‍ය දන්නේ නම් වහාම එය රටට හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ තම රජයක් යටතේ මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් ලබා දෙන බවයි.

ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2024/03/SAJITH-EDIT-1.mp3?_=1

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්දයෙන් අද දිනයේදී ද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පල වුනා.

https://www.vnews.lk/storage/2024/03/CUT-MIX-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content