පාස්කු ප්‍රහාරය පිළිබද ලද පුර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුවයි අදාළ විමර්ශන කමිටුව පත්කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ.එන්.කේ සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩබ්ලිව්.එම්.ඒ.එන් නිෂේන් මහතා කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර තිබෙනවා.

මෙම විමර්ශන කමිටු වාර්තාව ලබන සැප්තැම්බර් 15 වනදාට පෙර අවසන් කළ යුතුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

 

WhatsApp Group

Skip to content