අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම , හලාවත ආනන්ද ජාතික පාසලේ ගොඩනැගිල්ලක් මතට විශාල ගසක් කඩාවැටී තිබෙනවා.

ඉන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,765කට අයත් පුද්ගලයින් 44,398 දෙනෙකු පීඩාවට පත්වී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කලේ ආපදාවට ලක්වූවන් සඳහා කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content