පාසල් දරුවන් මිලියනයකට පමණ ලබා දෙමින් පැවති පාසල් දිවා ආහාරය මේ වන විට රජය වෙන් කරන බිලියන 16 සහ වෙනත් පාර්ශ්වවල ද දායකත්වය ලබා ගනිමින් රුපියල් බිලියන 26ක් වැය කරමින් සිසුන් මිලියන 1.7කට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සිසුන් 100ට අඩුවෙන් සිටින සියලු ම පාසල්වල සිසුන්ටත් ජාතික පාසල්වල හැර අනෙකුත් පාසල්වල සියලු ප්‍රාථමික අංශවල සිසුන්ටත් වශයෙන් පාසල් 9000කට ආසන්න සංඛ්‍යාවක සිසු සිසුවියන්ට මෙම පාසල් ‍දිවා ආහාරය ලබා දෙන බවත් හෙතෙම පැවසීය.

WhatsApp Group

Skip to content