පාසල් සිසුන් වෙනුවෙන් සහන මිලට අභ්‍යාස පොත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශන්ත බණ්ඩාර මහතා පැවසුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පාසල්වල විදුහල්පතිවරුන්ට පාසල් අභ්‍යාසපොත් ඇනවුම් කළ හැකි බවයි ශන්ත බණ්ඩාර මහතා සදහන් කළේ.

මේ අතර පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් සහ ලිංගික අපචාරවලින් මුදා ගැනීම සදහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයට අනුව මත්උවදුරින් දරුවන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ ඒ පිළිබද අදහස් පලකළා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා.

https://www.vnews.lk/storage/2023/12/DESHABANDU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content