පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බවට තහරු වූ බව පාඨලී චම්පික රණවකගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගති වර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බව ද සදහන්.

WhatsApp Group

Skip to content