ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයිග

ඒ නිසාවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීයග

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබදව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතග

එමෙන්ම ප්‍රාථමික පන්ති සදහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර ඇතග

WhatsApp Group

Skip to content