පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස ඇතැම් පාසල් රුපියල් 2500 කට වැඩි මුදලක් අය කරමින් තිබෙන බවත්, දුෂ්කර පාසල්වල දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් අදාළ චක්‍රලේඛ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ.

https://www.vnews.lk/storage/2023/11/KUMARASIRI-EDIT.mp3?_=1

ඊට පිළිතුරු ලබාදෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ අදාළ චක්‍රලේඛන වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT-01-1.mp3?_=2

WhatsApp Group

Skip to content