ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සහ නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය පස්වරු 4 ට හැව්ලෝක් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ සහිරා විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර තරගය මෙන්ම කොළඹ ඉසිතපතන සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයක් හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මිට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය ද හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content