පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සදහා නිවාඩු ලබා දෙනු ලැබුවා.

එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට යන දෙදින යළිත් නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.

තවද ක`ඵතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් සදහා ද අද දිනයේදී නිවාඩු ලබාදුන්නා.

එමෙන්ම පවතින කාලගුණ තත්ත්වය පිළිබද සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරින් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content