හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන්.
අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කලේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.
පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content