පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කරනවා.

මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ සහල් තොග බව සඳහන්.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content