ව්යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්යාපන ක්රමවේදය සමග 9 ශ්රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසී ය.
ඒ අනුව සාමාන්ය පෙළින් පසු අධ්යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට මෙම ව්යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගීතාවයක් පවතින බව කී අමාත්යවරයා 6 ශ්රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීමත්, මෙම පරිවර්තනීය අධ්යාපන ක්රමවේදය හරහා උදා කරන බව ද පැවසී ය. අ.පො.ස උසස් පෙළ අධ්යයන කටයුතු සිදුකරන පාසල් තුන්දහසක පළමු වටයේ දී ව්යවසායකත්ව කව පිහිටුවා මේ විෂය සම්බන්ධ දැනුම හා පුහුණුව ලබා දීමට ඉදිරියේ දී ක්රියා කරන බවත් සුසිල් ප්රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිණි.

WhatsApp Group

Skip to content