පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පාසල් තුනක් හෙට දිනයේදී වස දැමීමට තීරණය කර තිබෙනවා.

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන හෙට දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම පාසල් වල අඩු සිසුන් පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන් කැඳවා හෙට දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content