නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වනවා.

අඛණ්ඩව තෙවැනි දිනටත් පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ පාසල් වසා දැමීමට සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍යය පවසන්නේ.

නේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

වර්ජනය සදහා ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් එක් ව ඇති බව සදහන් .

ඊට සමගාමී ව ඔවුන් විසින් ඊයේ නේපාල පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content