වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගනු ඇති.

පාසල් සිසුන් පිරිසක් ඊයේ රථ පෙළපාලියෙන් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි හරවා යැවීමටද පොලිසිය කටයුතු කර තිබුණා.

එවන් පසුබිමක් තුළයි අදාළ සිසුන් හිස් ඉඩමක රථ පෙළපාලිය ලෙස පවත්වා ඇත්තේ.

අදාළ ජීප් රථය පැදවූ සිසුවාද එම අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

ඔහු ඇතුළු ජීප් රථයේ ගමන් ගත් සිසුන් නව දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී සිසුන් දෙදෙනෙක් මිය ගිය අතර තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බදුල්ල මහ රෝහල පැවසුවේ.

WhatsApp Group

Skip to content