කර්මාන්ත අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දීපව්‍යාප්ත පාසල් කරන ලද ” පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව” ජාතික වැඩසටහනෙහි පාසල් කර්මාන්ත ව්‍යවසායක පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (22) නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ මේ වන විට මෙම ව්‍යවසායකත්ව කව සමග පාසල් 365ක 500 කට අධික පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව තුළ සිසු දරුදැරියන් 12,300 කට අධිකව එක්ව සිටින බවත් ඒ වෙනුවෙන් සහය ලබා දෙන අධ්‍යාපන අමාත්‍යාංශය, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් වෙත ස්තුතිවන්ත වන බවත් ය. එමෙන්ම දරුවන් අනෙක් අංශ හරහා ඉදිරියට යන්නා සේම ව්‍යවසායකත්වය තුළින් ද ජාතික සහ ජාත්‍යන්තරය ජය ගත යුතු බවත් ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ණය පහසුකම් සහ දැනුම ලබා දී උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

WhatsApp Group

Skip to content