මෙවර පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 14 වැනිදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල ශාලාවේදී ආරම්භ වන මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 14 සිට 20 දක්වා වන පාසල් සිසුන්ට සහභාගී වීමේ හැකියාව පවතිනවා .

මේ පිළිබද වැඩිදුර තොරතුරු 071 4 46 38 37 යන අංකය ඇමතීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා .

 

WhatsApp Group

Skip to content