පාසල් අනධ්යයන සේවක ගැටලු ගණනාවකට ම පසුගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
මෙම අනධ්යයන සේවක පිරිස , රජයේ ඒකාබද්ධ සේවා හා ඒකාබද්ධ නොවන සේවා (පළාත් පාසල් හා ජාතික පාසල්)කොටස් දෙකක් වන බවත් මෙම සේවක පිරිස් සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීම ක්ෂණිකව කළ නොහැකි බවත් එම අමාත්යාංශය සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්රවේශයක් වන බවයි.
පාසල් අනධ්යයන සේවා වෘත්තීය සමිති ක්රියාමාර්ග නිසා සාමාන්ය අධ්යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන්, විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ප්රජාව ද දැනුම්වත් කර ඇති බව අධ්යාපන අමාත්යාාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Group

Skip to content