ආර්ථික අපහසුතා මැද පාසල් අධ්‍යාපන අතරමඟ නතර කර සිටි සහ පාසල් අධයාපනයට යොමු නොවි සිටි සහෝදරයන් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා අද  (12) දින පියවර ගැණුුුනා.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන් සහකාර පොලිස් අධිකාරි 1 එම්.ෆාරුක් යන මහතුන්ගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින් එක්ව ළමුන් දෙදෙනා පාසල් අධ්‍යාපනය සඳහා යොමු කෙරුණා .

හැටන් ඩන්බාර් වත්ත ඉහල කොටසේ පදිංචි පි.ජෙයබාලන් (11) , ජෙයබාලන් තසුන් (07) යන ළමුන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයා වසර හතරක කාලයක් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර, අවු 07 වයසැති පාසල් වයසේ පසුවන දරුවා මෙතෙක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

දරුවන් දෙදෙනාගේ පියා මිට වසර තුනකට පෙර මියගොස් ඇති බවත්, මවද රෝගි තත්ත්වයෙන් පොලිම නිසා අසල්වාසින්ගේ උපකාර ඇතිව දිවි ගෙවා ඇති අතර , ඔහුන්ට වෙනත් කිසිදු අදායම් මාර්ගයක් නොමැති බවයි හැටන් පොලිසියේ ප්‍රජා ඒකකයේ නිලධාරින් කියා සිටියේ .

හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මුල්‍ය අනුග්‍රහය මත එම පාසල් ළමුන් දෙදෙනාට අවශ්‍ය ඇදුම් පැළදුම් , පාසල් උපකරණ සහ පොත් පත් ලබා දි එම පාසල් ළමුන් දෙදෙනා (12) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන එම ළමුන් දෙදෙනා පදිංචි වතුයායට ආසන්නයේ පිහිටි පැන්මුර් දමිල මහා විද්‍යාලය වෙත භාරදෙනු ලැබුවා .

කෙටි කාලයක් එම ළමුන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දී  ඔවුන් දැනුම් මට්ටම අනුව පන්ති සදහා යොමු කිරිමට එම විදුහලේ විදුහල්පතිනිය සහ අචාර්ය මණ්ඩලය තිරණය කර ඇත.

WhatsApp Group

Skip to content