ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අනුව යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි රජය පැවසුවේ.

කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදි කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content