මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් දිවි බේරුණු එකම ධීවරයා නාවික හමුදා “විජයබා” නෞකාව භාරගෙන මේ වන විට හම්බන්තොට රෝහල වෙත භාර දී තිබෙනවා.

“ඩෙවෝන් 05” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු මෙලෙස මුහුදේ පාවෙමින් පැමිණි දියරයක් පානය කර තිබූ අතර ඉන් සිව් දෙනෙකු එම ධීවර යාත්‍රාව තුළදීම ජීවිතක්ෂයට පත්වුණා.

සෙසු ධීවරයන් දෙදෙනා විදෙස් නෞකාවක් විසින් මුදාගෙන ඇති අතර එහි සිටි තවත් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content