පසුගිය දිනක නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ‘ෆ්‍රැන්සිස් කොට් කී’ පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

WhatsApp Group

Skip to content