පාරිසරික නීතිය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කීර්ති ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විණි.

මෙහිදී පාරිසරික ගැටලු විසදීම සම්බන්ධයෙන් පොලිස් දෙපාඑර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති චක්‍රෙල්ඛ, පොලිස් ආඥා පනත හා වෙනත් අණ පනත් යටතේ පැවරී ඇති බලතල බලාත්මක කිරීම මෙන්ම ප්‍රජා ඝෝෂා පාලනය, අධීක දුම් සහිත වාහන පරීක්ෂාව ,වාහනවල අධික නලා ශබ්දය පාලනය ,පොලිතීන් මිශ්‍ර කසල විවෘත පරිසරයේ පිලිස්සීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග, භාවිතය තහනම් පොලිතීන් වැටලීම සඳහා සහාය ලබා ගැනීම, නීති විරෝධී කැණීම් මෙන්ම වෙනත් පාරිසරික ගැටලු සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදු කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි

WhatsApp Group

Skip to content