ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේ, ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.
එමෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ගණන් හා මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට එම නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content