ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස අද දින දිවුරුම්දීමට නියමිතව තිබෙනවා .

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවැතුණා .

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබෙනවා .

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතයි .
පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු ද වනවා.

WhatsApp Group

Skip to content