යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ පාර්ලිමේන්තුවේදී .

https://www.vnews.lk/storage/2023/10/CHARITHA-HERATH-EDIT.mp3?_=1

මේ අතර යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා සිදු වුනා.

ඒ අනුව මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට ලබා දෙනු ලැබුවා.
මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් .

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පැවසුවා

WhatsApp Group

Skip to content