පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රී 10.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර, ඔහු පැමිණි රථයට වෙඩි ප්‍රහාර 2ක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සදහා පිරිසක් මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content