පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙහි මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළේය.
අනතුරුව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අදාළ නෛතික තත්ත්වය පිළිබඳ විද්වත් මඩුල්ල සමඟ ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි.
පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවන්වල දී මාධ්‍යවේදීන් ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව වෙත කැඳවීමට සිදුවීම සහ ඉදිරියේ දී එවැනි අවස්ථාවන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

WhatsApp Group

Skip to content