ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content