පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා දක්වා කල් දමා තිබෙනවා .

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන්.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට පැවැත්වෙනු ඇති .

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදීයි.

ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සඳහන් කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි.

WhatsApp Group

Skip to content