පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

පාර්ලිමේන්තුව ආරම්භයේදී දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත්ව කඩිනමින් විසදුමක් ලබා දිය යුතු බවයි.

එම ප්‍රකාශයත් සමග දෙමළ ජාතික සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු රැගෙන සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක නිරත වුණා.

https://www.vnews.lk/storage/2023/10/MIX-EDIT.mp3?_=1

එම අවස්ථාවේදී සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ මෙම ප්‍රශ්නයට කඩිනමින් පිළිතුරු ලබා දෙන බවයි.

මේ අතර අද දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැණුනු අතර, ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු විනාඩි 10 කට අත්හිටුවීමට මුලසුනේ සිටි පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා කටයුතු කළා.

එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට චෝදනා කර සිටියේ මෙම ප්‍රශ්නය සදහා කල් ගැනීම සිදු නොකළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/10/PARLIYAMENT-EDIT-01.mp3?_=2

එහිදි දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්නය සදහා පිළිතුරු ලබා නොදීම ගැන විරෝධය පළ කිරීමත් සමග නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පෙරවරු 10.20 ට පමණ පාර්ලිමේන්තුව විනාඩි 10 කට අත්හිටුවීමට කටයුතු කළා.

https://www.vnews.lk/storage/2023/10/PARLIYAMENT-EDIT-02.mp3?_=3

අනතුරුව පෙරවරු 10.30 ට පමණ නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූ අතර එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ඊට පිළිතුරු ලබා දෙන බවයි.

https://www.vnews.lk/storage/2023/10/PARLIYAMENT-EDIT-03.mp3?_=4

WhatsApp Group

Skip to content