පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

විපක්ෂයේ සියලුම පක්ෂ කරන ලද ඉල්ලීමක් අනුව අද උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තුවේ කටයුතු මෙලෙස විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටවනු ලබන බවයි කතානායකවරයා කියා සිටියේ.

සභාව එලෙස කල් තබා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහායි.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ පක්ෂ නායකයින් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේදී මුණගැසී ඇති බවද වාර්තාවනවා.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් එම හමුව කතානායකවාරයාගේ නිල කාමරයේදී සිදුව ඇති බවත් වාර්තා වනවා.

WhatsApp Group

Skip to content