පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි.

18 වන දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම 19 වන දා දූෂණ විරෝධි පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලබන 20 වන දා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඉන් පසුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව තිබෙනවා.

21 වන සිකුරාදා දින බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට ද එකඟත්වය පළ වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content