පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය අද පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම හෙට දිනයේ දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනෙණු ඇති.

7 වන සිකුරාදා ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ උදර්පණ පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content