පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 ට පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බි්‍රතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content