අද දිනයේදීත් පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා.

ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහා වෙන් කරනු ලැබුවා.

ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ජාතිය අමතා සිදු කළ කථාව පිළිබදව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අනුව අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-EDIT-01-1.mp3?_=1

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.

https://www.vnews.lk/storage/2023/06/KEHELIYA-EDIT-01-1.mp3?_=2

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ නිදහස් සෞඛ්‍යට ලබා දෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැට`ඵවක් ඇති බවත්, එය විසදා ගැනීමට නොහැකි නම් තමන් තවදුරටත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ රුඳි නොසිටින බවටයි.

https://www.vnews.lk/storage/2023/06/KEHELIYA-EDIT-02-1.mp3?_=3

මේ අතර නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරය ඔස්ටේ්‍රලියානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් අද දින පාරිලමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් බලශක්ති අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/KAVINDA-JAYAWARDANA-EDIT-1.mp3?_=4

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/06/KANCHANA-WIJESEKARA-EDIT-1.mp3?_=5

මේ අතර ජපන් රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ කැබිනට් මණ්ඩලය හරහා ඒ සදහා විශේෂ අනුමැතියක් හිමි වූ බවයි.

https://www.vnews.lk/storage/2023/06/MANUSHA-NANAYAKKARA-EDIT-1.mp3?_=6

WhatsApp Group

Skip to content