කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබෙනවා .
ඒ අනුව පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුනක් රැස්වීමට නියමිතයි .
මෙලෙස රැස් වීමට නියමිත වන්නේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ යන ආංශික අධීක්ෂණ කාරක සභා තුනයි .

මේ අතර ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද දිනයේ පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා.
එහිදි එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ .
කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට ද සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content