පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහායි කාලය වෙන් කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉන්පසු අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content