අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව තුළ යම් කිසි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, වවුනියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි.

මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල වුණා.

එහිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නර්මලනාදන් මහතා ඇතු`ඵ පිරිසට සිය ආසන වෙත ගොස් අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසයි.

ඪදසජැ ක්‍මඑ – අගමැති – චාල්ස්

මේ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ගැට`ඵව පිළිබදව අධිකරණයේ යම් කිසි විමර්ශනයක් මේ වන විට පවත්වා ඇත්නම් එහි තීන්දුව ලබාදෙන තෙක් ඉවසීමෙන් බලාසිටින ලෙසයි.

ඪදසජැ ක්‍මඑ – විජයදාස

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන්නේ ඉදිරි මැතිවරණයට ඡන්ද පදනමක් ලබාගැනීම ලෙස බවටයි.

ඪදසජැ ක්‍මඑ – විමල්

මෙහිදි විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නොමග යැවීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එහිදි යළිත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා කියා සිටියේ ශිව පූජාවක් යැයි පවසමින් විශාල පූජාවක් සිදුකොට පුරාවිද්‍යා නටඹුන් රැසක් විනාශ කිරීමක් මෙහිදි සිදුව ඇති බවත් ඒ හේතුවෙන් පොලිසිය විසින්ම අදාළ පුද්ගලයින් 8 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඪදසජැ ක්‍මඑ – රාසමානික්කම්

WhatsApp Group

Skip to content