පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

ඒ අනුව වැටලීම් අද සිට සිදුකරන අතර එහි අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ප්‍රකාශ කළේ වෙළෙඳපොළේ, පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි.

මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ මහතා ප්‍රකාශ කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල සැළකිය යුතු ලෙස පහත වැටී ඇති පසුබිමක රුපියල් 10කින් පාන් මිල අඩු කළ ද තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බව ජනතාව පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content