පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ,

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුවයි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව ඇත්තේ.

WhatsApp Group

Skip to content