ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්නායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ ලිපිය යොමුකර ඇත්තේ.

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් හේතුවන බවත් එයට වගකීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඇති ඉඩකඩ වැඩි බවද පාඨලී චම්පික රණවක මහතා සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content