එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුළු එකක තියුණු ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

චෙන්නායි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46 යි පන්දු4ක් තුළ සියල්ලන් දැවී ලකුණු 270ක් රැස් කළා.

පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ ෂවුල් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශම්සි කඩුළු 4ක් බිද හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 47 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 271ක් ලබා සිය ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

ඇඩෙන් මාර්ක්ක්‍රම් ලකුණු 91ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු පෙරමුණ ගැනීමට සමත් වුණා.

ඔවුන් මේ දක්වා තරග 06කට ක්‍රිඩා කර එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගෙන තිබෙනවා.

මේ දක්වා ක්‍රිඩා කර ඇති තරග පහම ජයගෙන සත්කාර ඉන්දිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් සමග එහි දෙවන ස්ථානයේ රැදී සිටිනවා.

WhatsApp Group

Skip to content