වයඹ දිග පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ ජලාශයක් නැරඹීමට ගිය පාසල් ළමුන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිසෙන් 49 දෙනෙකු ළමයින් වන අතර ඉතිරි දෙදෙනා බෝට්ටු පැදවූ පුද්ගලයා සහ ගුරුවරයෙකු බවයි.

ළමයින් සියලුදෙනා අවුරුදු 7ත් 14ත් අතර වයස්වල පසුවනවා.

බෝට්ටුවේ ගමන් කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් පිරිසක් එහි සිටීම හේතුවෙන් මෙය පෙරලී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content