පාකිස්ථානයේ කරච්චි නුවර පොලිස් මුලස්ථානයට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

ප්‍රහාරකයින් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවු බවයි එරට ආරක්ෂක අංශක පවසන්නේ.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරකයින් විසින් පොලිස් මුස්ථානය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කොට ඇති බවයි.

මෙයින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිර ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ සදහන් කළේ.

WhatsApp Group

Skip to content