පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූලය අරමුදල අතර මාස 8 ක් පුරා පැවති සාකච්ඡා අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අනුමත වී තිබෙනවා.

ඒ සමග එරට කොටස් වෙළදපොළ ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණපා සිටි පාකිස්ථානයේ කොටස් වෙළඳපොල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ වසර 15 කට පසුව බවත් සදහන්.

මේ අතර 2024 වසරේ ජුනි මාසය වන විට පාකිස්ථානයේ විදේශ ණය සංචිතය වන ඇමෙරිකානු ඩොලර් බිලිනය 23 ක් ගෙවා අවසන් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content