ඊසානදිග පාකිස්ථානයේ අවයව ජාවරම් කළ කල්ලියක සාමාජිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කල්ලිය විසින් පුද්ගලයන් 300ට වැඩි පිරිසකගේ වකුගඩු ලබාගෙන ධනවත් පුද්ගලයන්ට බද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුනය ගත් පිරිස අතර මෙම කණ්ඩායමේ නායකයාද සිටින අතර, ඔහු මීට පෙර පස් වරක් අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අවයව ලබා ගැනීමේදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇතැම් පුද්ගලයන් නොදැනුවත්ව පෞද්ගලික නිවාස වලදී අවයව ලබා ගැනීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම අවයව ජාවාරම් කරුවන් විසින් ලබා ගන්නා ලද වකුගඩු ඩොලර් 120,000ක් වැනි විශාල මුදලකට අලෙවි කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content